Terms and Condition

Welcome to Lexiata. These terms and conditions outline the rules, responsibilities, and agreements for using our web design, hosting, and digital services. Please read carefully.

 

Lexiata – නියාමනයන් සහ කොන්දේසි

අවසන් යාවත්කාලීන කිරීම: 2026 ඔක්තෝබර් 16

Lexiata වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ වෙබ් අඩවිය (https://lexiata.lk) භාවිතා කිරීම සහ අපගේ සේවා (වෙබ් අඩවි නිර්මාණය, Hosting, Domain, Maintenance) ලබා ගැනීම මඟින්, ඔබ පහත දැක්වෙන නියාමනයන් සහ කොන්දේසි වලට එකඟ වීම සිදුවේ.

1. වෙබ් අඩවිය භාවිතය සඳහා සුදුසුකම්

  • ඔබට වයස අවුරුදු 18ක් වීමට අඩුම වශයෙන් තිබිය යුතුය.
  • ඔබගේ ගිණුමේ මුරපද සහ ගිණුම් තොරතුරු රහසිගතව තබා ගැනීම ඔබගේ වගකීම වේ.
  • ඔබගේ නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු සපයන්න.

2. වෙබ් අඩවි නිර්මාණ සේවා

2.1 වගකීම් සහතිකය:

  • අප විසින් නිර්මාණය කළ වෙබ් අඩවිය Lexiata Hosting මත පවත්වාගෙන යන තාක් Lifetime Warranty හිමිවේ.
  • Lexiata Hosting සේවාව නිතිපතා Renew කරමින් වෙබ් අඩවිය එම සේවාව මත පවත්වාගෙන යන තාක් මෙම වගකීම් සහතිකය දිගටම හිමිවේ.
  • වෙබ් අඩවිය Lexiata Hosting වෙතින් ඉවත් කළ පසු මෙම වගකීම් සහතිකය අවසන් වේ.
  • අප විසින් නිර්මාණය කරනු ලබන සෑම වෙබ් අඩවියකම Footer කොටසෙහි “Design by Lexiata.lk” යන Attribution/Copyright සටහන පෙරනිමියෙන් (default) ඇතුළත් කරනු ලැබේ. එම සටහන ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Lexiata විසින් සපයනු ලබන Web Hosting සේවාවෙන් ඉවත් වීම අනිවාර්ය වේ.

    තවද, Lexiata කණ්ඩායමට පෙර දැනුම්දීමක් නොමැතිව “Design by Lexiata.lk” Attribution එක ඉවත් කිරීම, වෙනස් කිරීම, හෝ වෙනත් Copyright/Attribution එකක් යෙදීම සිදු කරන්නේ නම්, ඔබගේ Website එක, Hosting එක සහ අප විසින් සපයනු ලබන අනෙකුත් සියලුම සේවා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව (without prior notice) Suspend කිරීමේ අයිතිය Lexiata සතු බව මෙයින් දන්වා සිටිමු.

2.2 වෙනත් Hosting භාවිතය:

  • ඔබ වෙනත් Hosting සපයන්නෙකු භාවිතා කරන්නේ නම්, අපගේ වගකීම් වලින් ඔබ ඉවත්වේ.

2.3 සහාය:

  • අප විසින් නිර්මාණය කළ වෙබ් අඩවිය Lexiata Hosting මත පවත්වාගෙන යන තාක් අපගේ Free Technical Support හිමිවේ.
  • මෙම after-sales support සේවාව අප විසින් සාදා දුන් වෙබ් අඩවියේ ගැටලු සඳහා ලබාදේ.
  • වෙබ් අඩවි ගැටලු සඳහා 24/7 After-Sales Website Support ලබාදේ. කාර්යාල වේලාවෙන් පිටතදීද WhatsApp හරහා අප හා සම්බන්ධ විය හැක.
  • Support ලබාගැනීම සඳහා: WhatsApp, Call, Email.

3. ගෙවීම් සහ ආපසු මුදල්

3.1 මුලික ගෙවීම:

  • ඕනෑම Package එකක් සඳහා මුලදී 50%ක මුදලක් ගෙවිය යුතුය.

3.2 අවසන් ගෙවීම:

  • අඩවිය නිම කිරීමෙන් පසු, ඉතිරි මුදල දින 3ක් ඇතුළත ගෙවිය යුතුය.
  • ගෙවීම නොකළහොත්, වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කරන අතර, දින 30ක් ඇතුළත ගෙවීමක් සිදු නොවූයේ නම්, සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සිදු වේ.
  • ඔබ දැනටමත් Hosting/Domain වෙනත් සේවාවකින් ගන්නේ නම්, අපගේ පැකේජ් මිල අඩු නොවේ— ( නොමිලේ දෙන නිසා. )

3.3 ආපසු මුදල් (Refund):

  • ඔබ විසින් ගෙවූ මුදල්, කිසිදු හේතුවකට පසුව ආපසු නොදෙයි.
  • වැඩි විස්තර සඳහා, අපගේ Refund Policy පිටුව බලන්න.

3.4 පාරිභෝගිකයාගේ ප්‍රමාදයන් මත ව්‍යාපෘති අවසන් කිරීම (Client Delays & Cancellation):

  • Lexiata කණ්ඩායම විසින් වෙබ් අඩවියේ සංවර්ධන කටයුතු (Development Phase) සියල්ල 100% ක් සම්පූර්ණ කිරීමෙන් පසුව, පාරිභෝගිකයා විසින් ලබා දිය යුතු පින්තූර, අන්තර්ගතයන් (Content) හෝ වෙනත් තොරතුරු ලබා දීමට ප්‍රමාද කරන්නේ නම්, එකඟ වූ අවසන් දිනයේදී (Deadline) ව්‍යාපෘතිය සම්පූර්ණ කළ සේ සලකා තාවකාලික තොරතුරු (Dummy Content) යොදා අදාළ අවසන් බිල්පත (Final Invoice) නිකුත් කරනු ලැබේ.

  • එම අවසන් බිල්පත නිකුත් කර දින 3ක් ඇතුළත අදාළ ඉතිරි මුදල පියවීම අනිවාර්ය වේ.

  • මුදල් පියවීමෙන් පසු, පාරිභෝගිකයාගේ තොරතුරු ලැබුණු ඕනෑම අවස්ථාවක කිසිදු අමතර අයකිරීමකින් තොරව ඒවා වෙබ් අඩවියට ඇතුළත් කර දීමට අප කටයුතු කරනු ඇත.

  • අවසන් බිල්පත නිකුත් කර දින 3ක් ඇතුළත ඉතිරි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත්, ව්‍යාපෘතිය මුළුමනින්ම අවලංගු (100% Cancel) කරනු ලබන අතර අපගේ සේවාදායකයෙන් (Servers) එය ස්ථිරවම ඉවත් කරනු ලැබේ.

  • එවැනි අවස්ථාවකදී, පාරිභෝගිකයා විසින් එතෙක් ගෙවා ඇති මූලික මුදල (Advance Payment) කිසිදු තත්ත්වයක් යටතේ ආපසු ලබා දෙනු නොලැබේ (Non-refundable).

  • ව්‍යාපෘතිය මෙලෙස අවලංගු වූ පසු, අප විසින් ඒ සඳහා දරා ඇති ශ්‍රමය සහ පිරිවැය හේතුවෙන්, ඒ දක්වා නිර්මාණය කළ වෙබ් අඩවියේ කිසිදු අනුපිටපතක් (Backups), ලිපිගොනු (Files) හෝ දත්ත (Data) පාරිභෝගිකයා වෙත ලබා නොදෙනු ඇත.

  • අප විසින් පාරිභෝගිකයා වෙනුවෙන් මිලදී ගත් ඩොමේන් නාමයක් (Domain Name) තිබේ නම්, එය පාරිභෝගිකයාගේ වෙනත් ගිණුමකට මාරු කර දීමට (Domain Transfer) කටයුතු කෙරේ. එහෙත්, අදාළ සේවාදායකයා (Domain Provider) විසින් එම මාරු කිරීම සඳහා යම් ගාස්තුවක් අය කරන්නේ නම්, එම සම්පූර්ණ ගාස්තුව පාරිභෝගිකයා විසින්ම දැරිය යුතුය.

4. Hosting සහ Domain පිළිබඳ

  • Hosting, Domain සහ Login තොරතුරු ඔබ වෙත ලබා දෙන අතර, ඒවා ආරක්ෂා කිරීම ඔබගේ වගකීමයි.

5. නීතිවිරෝධී අන්තර්ගතය

  • Null Plugins, Null Themes, Adult Content, Warez, Pirated Software වැනි අන්තර්ගතය Upload කිරීම තහනම් වේ.
  • එවැනි ක්‍රියාවක් වාර්තා වුවහොත්, Hosting අවලංගු කිරීමට අපට අයිතියක් ඇත.

6. Adsense Approval සේවාව පිළිබඳ

6.1 Starter / Advance Plans:

  • මෙම plans සඳහා Adsense Approval ලබාදීම නොවෙයි.

6.2 Premium Plan:

  • Premium Plan එක මත පදනම්ව, අපි Domain එකකට Adsense Approval ලබාදීමට උත්සාහ කරයි.
  • Delivery Time: දින 70ක් පමණ.
  • Approval නොලැබුණු අවස්ථාවකදී, මුදලේ 84%ක් ආපසු ලබා දෙන අතර 16%ක් පරිපාලන වියදම් ලෙස තබා ගනී.
  • Domain එකේ වටිනාකම ප්‍රතිපූරක නොවේ, නමුත් Domain එක ඔබට හිමිවනු ඇත.

7. නියාමනයන් වල වෙනස්කම්

  • මෙම කොන්දේසි ඕනෑම අවස්ථාවක යාවත්කාලීන කළ හැක.
  • නවතම යාවත්කාලීන දිනය මෙම පිටුවේ දැක්වෙනු ඇත.

8. අපව සම්බන්ධ කරගැනීම

Lexiata – Web Design Sri Lanka
Phone: 077-9607632
Email: Info@lexiata.lk
Website: https://lexiata.lk