Terms and Conditions

 

Lexiata – නියාමනයන් සහ කොන්දේසි

අවසන් යාවත්කාලීන කිරීම: 2025 ජූනි 3

Lexiata වෙත සාදරයෙන් පිළිගනිමු. අපගේ වෙබ් අඩවිය (https://lexiata.lk) භාවිතා කිරීම සහ අපගේ සේවා (වෙබ් අඩවි නිර්මාණය, Hosting, Domain, Maintenance) ලබා ගැනීම මඟින්, ඔබ පහත දැක්වෙන නියාමනයන් සහ කොන්දේසි වලට එකඟ වීම සිදුවේ.

1. වෙබ් අඩවිය භාවිතය සඳහා සුදුසුකම්

  • ඔබට වයස අවුරුදු 18ක් වීමට අඩුම වශයෙන් තිබිය යුතුය.

  • ඔබගේ ගිණුමේ මුරපද සහ ගිණුම් තොරතුරු රහසිගතව තබා ගැනීම ඔබගේ වගකීම වේ.

  • ඔබගේ නිවැරදි සහ යාවත්කාලීන තොරතුරු සපයන්න.

2. වෙබ් අඩවි නිර්මාණ සේවා

2.1 වගකීම් සහතිකය:

  • අප වෙතින් ලබාගන්නා ඕනෑම වෙබ් අඩවියකට වසර 1ක වගකීම් කාලයක් හිමිවේ.

  • වසරකින් පසු, ඔබ අප සමඟ නිතිපතා නැවත නවීකරණය (Renewal) කරමින් සිටී නම්, ඔබට දිගටම වගකීම් සහතිකය හිමිවේ.

  • අප සමඟ සම්බන්ධතාවය නවතා දැමූ පසු වගකීම් සහතිකය අහෝසි වේ.

  • අප විසින් නිර්මාණය කරනු ලබන සෑම වෙබ් අඩවියකම Footer කොටසෙහි “Design by Lexiata.lk” යන Attribution/Copyright සටහන පෙරනිමියෙන් (default) ඇතුළත් කරනු ලැබේ. එම සටහන ඉවත් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා Lexiata විසින් සපයනු ලබන Web Hosting සේවාවෙන් ඉවත් වීම අනිවාර්ය වේ.

    තවද, Lexiata කණ්ඩායමට පෙර දැනුම්දීමක් නොමැතිව “Design by Lexiata.lk” Attribution එක ඉවත් කිරීම, වෙනස් කිරීම, හෝ වෙනත් Copyright/Attribution එකක් යෙදීම සිදු කරන්නේ නම්, ඔබගේ Website එක, Hosting එක සහ අප විසින් සපයනු ලබන අනෙකුත් සියලුම සේවා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව (without prior notice) Suspend කිරීමේ අයිතිය Lexiata සතු බව මෙයින් දන්වා සිටිමු.

2.2 වෙනත් Hosting භාවිතය:

  • ඔබ වෙනත් Hosting සපයන්නෙකු භාවිතා කරන්නේ නම්, අපගේ වගකීම් වලින් ඔබ ඉවත්වේ.

2.3 සහාය:

  • වෙබ් අඩවිය ලබාගත් දිනයේ සිට වසර 1ක් තුළ අපගේ Free Support හිමිවේ.

  • ඔබ අප සමඟ ඉදිරියටත් සිටී නම්, Support දිගටම හිමිවනු ඇත.

  • Support ලබාදෙන වේලාවන්: උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා, වැඩබලන දිනවලදී.

  • Support ලබාගැනීම සඳහා: WhatsApp, Call, Email.

3. ගෙවීම් සහ ආපසු මුදල්

3.1 මුලික ගෙවීම:

  • ඕනෑම Package එකක් සඳහා මුලදී 50%ක මුදලක් ගෙවිය යුතුය.

3.2 අවසන් ගෙවීම:

  • අඩවිය නිම කිරීමෙන් පසු, ඉතිරි මුදල දින 3ක් ඇතුළත ගෙවිය යුතුය.

  • ගෙවීම නොකළහොත්, වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කරන අතර, දින 30ක් ඇතුළත ගෙවීමක් සිදු නොවූයේ නම්, සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සිදු වේ.

  • ඔබ දැනටමත් Hosting/Domain වෙනත් සේවාවකින් ගන්නේ නම්, අපගේ පැකේජ් මිල අඩු නොවේ— ( නොමිලේ දෙන නිසා. )

3.3 ආපසු මුදල් (Refund):

  • ඔබ විසින් ගෙවූ මුදල්, කිසිදු හේතුවකට පසුව ආපසු නොදෙයි.

  • වැඩි විස්තර සඳහා, අපගේ Refund Policy පිටුව බලන්න.

4. Hosting සහ Domain පිළිබඳ

  • Hosting, Domain සහ Login තොරතුරු ඔබ වෙත ලබා දෙන අතර, ඒවා ආරක්ෂා කිරීම ඔබගේ වගකීමයි.

5. නීතිවිරෝධී අන්තර්ගතය

  • Null Plugins, Null Themes, Adult Content, Warez, Pirated Software වැනි අන්තර්ගතය Upload කිරීම තහනම් වේ.

  • එවැනි ක්‍රියාවක් වාර්තා වුවහොත්, Hosting අවලංගු කිරීමට අපට අයිතියක් ඇත.

6. Adsense Approval සේවාව පිළිබඳ

6.1 Starter / Advance Plans:

  • මෙම plans සඳහා Adsense Approval ලබාදීම නොවෙයි.

6.2 Premium Plan:

  • Premium Plan එක මත පදනම්ව, අපි Domain එකකට Adsense Approval ලබාදීමට උත්සාහ කරයි.

  • Delivery Time: දින 75ක්.

  • Approval නොලැබුණු අවස්ථාවකදී, මුදලේ 84%ක් ආපසු ලබා දෙන අතර 16%ක් පරිපාලන වියදම් ලෙස තබා ගනී.

  • Domain එකේ වටිනාකම ප්‍රතිපූරක නොවේ, නමුත් Domain එක ඔබට හිමිවනු ඇත.

7. නියාමනයන් වල වෙනස්කම්

  • මෙම කොන්දේසි ඕනෑම අවස්ථාවක යාවත්කාලීන කළ හැක.

  • නවතම යාවත්කාලීන දිනය මෙම පිටුවේ දැක්වෙනු ඇත.

8. අපව සම්බන්ධ කරගැනීම

Lexiata – Web Design Sri Lanka
Phone: 077-9607632
Email: Info@lexiata.lk
Website: https://lexiata.lk